බස් එකට නැග්ග කාන්තාවගේ රහස් තැනක් මිරිකූ පියයුරු කොන්දොස්තරට හොඳ පාඩමක් (video)

බස් එකට නැග්ග කාන්තාවගේ රහස් තැනක්  මිරිකූ කොන්දොස්තරට හොඳ පාඩමක් (video)


බස් රථය තුළදී තමාට ලිංගික අතවරයක් සිදුකළ අනුරාධපුර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවේ කොන්දොස්තරවරයකුට සෙරෙප්පුවෙන් කන හරහා පහරදුන් කාන්තාවක් අතවරය සම්බන්ධයෙන් පොලිසියට හා අනුරාධපුර ඩිපෝවේ අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පැමිණිලිකාරිය පසුගිය සතියේ නාච්චාදුවේ සතිපොළ වෙත යෑම සඳහා මෙම බස් රථයට ගොඩවී ඇති අතර ඇය මුදල් දී ටිකට්පත ලබා ගනිද්දී කොන්දොස්තරවරයා ඇයගේ අත මිරිකා තිබේ. ඒ අවස්ථාවේ කාන්තාව අත ගසා දමා බස් රථයේ ඉදිරියට යද්දී කොන්දොස්තරවරයා පිටුපසින් ගොස් ඇයගේ පසුපස පෙදෙස අතින් මිරිකා තිබෙන බවද වාර්තා විය. කොන්දොස්තරවරයා මීට පෙර ප්‍රවේශපත් විසමාචාර චෝදනාවකට ලක්වී වැඩ තහනමට ලක්වී සිට නැවැත සේවයට පැමිණි අයකු වන අතර වංචාව වසා ගැනීම සඳහා එය දේශපාලන පළිගැනීමක් බව පවසමින් සිටින බවද වාර්තා විය. සිද්ධියෙන් කෝප වූ කාන්තාව සෙරෙප්පුව ගලවා අතට ගෙන කොන්දොස්තරවරයාට බස්රථය තුළදීම කනට වැරෙන් පහරක් එල්ල කර තිබේ. පසුව තමන්ට බස් රථයේ ලිංගික හිංසනයක් වූ බව කියමින් හිදෝගම පොලිස් ස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවේ අධිකාරිවරයාටද පැමිණිල්ලක් කර තිබේ. හිදෝගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කළ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් හිදෝගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය මෙසේ පවසා තිබේ. "ලිංගික හිංසනයක් පිළිබඳ ඇය පොලිසියට පැමිණිලි කරලා නෑ. බස් රථය නවත්වන්නේ නැතිව යනවා කියලා පැමිණිලි කර තිබෙනවා කවුද ඔයාට මේවා කිව්වේ. මම ඔයාට උත්තර දෙන්න ලෑස්ති නෑ. ඒ ගැන උත්තර දෙන්නම් මගේ ඕ.අයි.සීට." නමුත් මේ සම්බන්ධයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවේ අධිකාරි ඩී.එස්. සිරිවර්ධන මහතා මෙසේ පැවසා තිබේ. " බස් රථයේ ගමන් කළ කාන්තාවක් ලිංගික හිංසනයක් සිදුවුණා කියලා මට පැමිණිල්ලක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ පැමිණිල්ල විභාග වෙනවා. එහි තීන්දුව ලැබුණාම ඔහු වැරැදිකරු වුණොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා."
බස් එකට නැග්ග කාන්තාවගේ රහස් තැනක් මිරිකූ පියයුරු කොන්දොස්තරට හොඳ පාඩමක් (video) බස් එකට නැග්ග කාන්තාවගේ රහස් තැනක් මිරිකූ පියයුරු කොන්දොස්තරට හොඳ පාඩමක් (video) Reviewed by Unknown on 1:24 AM Rating: 5

No comments